සමාජ ඒකාබද්ධතා හා ජයග්‍ර‍හණය සඳහා වූ මිත්‍ර‍ත්වයේ ක්‍රියාකාරකම් වැඩසටහන මනත්කාඩුහි දී

25th April 2016

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භ පිරිස් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධීකරණ කාර්යාලය හා එක්ව ‘සමාජ ඒකාබද්ධතා හා ජයග්‍ර‍හණය සඳහා වූ මිත්‍ර‍ත්වයේ ක්‍රියාකාරකම් (ෆේසියා 2015 - 2030)’ වැඩසටහන මනත්කාඩුහි දී පසුගිය සිකුරාදා (22) දින පැවැත්වීය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ අධීක්ෂණය යටතේ යුද හමුදා භටයින් 300 කට අධික පිරිසක් සිය දායකත්වය දැක්වීය. යුද හමුදා සාමාජිකයින් සමඟින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්, යාපනය තාක්ෂණ හා ගුරු විද්‍යාලයේ සිසු සිසුවියන්, රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම වැඩසටහනට සහභාගි වූවන්ගේ ජල, වෛද්‍ය සහ අනෙකුත් මූලික පහසුකම් යුද හමුදාව විසින් සපයනු ලැබීය.