බංග්ලාදේශ මහකොමසාරිස් යාපනය ආඥාපති හමුවේ
25th April 2016
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවීම පිණිස බංග්ලාදේශ ආරක්ෂක උපදේශක කොමදෝරු එස්. අස්ලාම් පර්වේස් සිකුරාදා (22) දින එම මූලස්ථානයට පැමිණියේය. යාපනය අර්ධද්වීපයේ වත්මන් ආරක්ෂක තත්වය මෙන්ම එහි ජනතාවගේ ජන ජිවිතය පිළිබඳව මේජර් ජෙනරාල් සේනානායක විසින් මෙම නියෝජිතයින් දැනුවත් කරනු ලැබීය. ඉන් පසු නික්මයෑමට ප්‍රථම කොමදෝරු එස්. අස්ලාම් පර්වේස් හට මෙම හමුවීම සිහිපත් කිරීම පිණිස සමරු තිළිණයක් පිරිනැමීමට මේජර් ජෙනරාල් සේනානායක කටයුතු කළේය.