තවත් පරිගණක පාඨමාලාවක් නිමාවේ
25th April 2016
වන්නි ආරක්ෂක සේනාව විසින් සංවිධානය කරනු ලැබූ ඒ යටතේ සිටින භට පිරිස්හි පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පවත්වනු ලැබූ තවත් එක් පරිගණක පාඨමාලාවක් සෙනසුරාදා (23) දින නිමාවට පත්විය. පසුගිය මාර්තු මස 23 වන දින ආරම්භ වූ මෙම පාඨමාලාවට සෙසු නිලයින් 24 දෙනෙක් සහභාගි වුහ. අනුරාධපුර අයිඩීඑම් පරිගණක ආයතනය මෙම පාඨමාලාව පැවැත්වීම පිණිස මඟ පෙන්වීය. 2 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල ඩබ්.අයි.සී බොතේජු මෙම පාඨමාලාවේ දක්ෂතම පාඨමාලාලාභියා විය. වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී මෙහි සමාප්තිය සිදු කෙරිනි. බ්‍රිගේඩියර් ඩී.ආර් ධර්මසිරි සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තවත් නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.