කිළිනොච්චි ආඥාපති හා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්
25th April 2016
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර බදාදා (20) දින උතුරු පළාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා හමු විය. පැවති හමුවේ දී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහ උතුරු පළාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා අතර පොදු වැදගත් කරුණු රැසක් සාකච්ඡා කරනු ලැබීය. මෙම හමුව සිහිවීම පිණිස මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් ආණ්ඩුකාරවරයා වෙත සමරු තිළිණයක් ද පිරිනැමීය.