භටපිරිස් විසින් බුරුත කොටස් පැටවූ ලොරි රථයක් සොයාගනී

22nd April 2016

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් මඩු රක්‍ෂිතය ප්‍රදේශයේ බුරුත කඳන් පැටවූ ලොරියක්, එම ප්‍රදේශයේ ක්‍ෂේත්‍ර රාජකාරියේ යෙදී​ සිටි භටපිරිස් විසින් අද (21) දින සොයාගන්නා ලදි. 612 බළසේනාව යටතේ රාජකාරි කරනු ලබන 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් භටපිරිස් වෙත‍ ලොරි රථයක් සැක සහිත අයුරින් කැලෑබද අතුරු පාරකින් ප්‍රධාන මාර්ගයට පිවිසීමට තැත්කරන බවට නිරීක්‍ෂණය වීමෙන් අනතුරුව ලොරි රථය නතර කිරීමට සංඥා කර ඇත. එහිදී රථයේ රියදුරු හා සහායක වෙතින් ලොරි රථය තුල තිබූ බුරුත කඳන්වලට කරුණු විමසීමේදී අදාළ නීත්‍යානුකූල ලියකියවිලි කිසිවක් ඉදිරිපත් කිරීමට අසමත් වූ බැවින් භටපිරිස් විසින් 612 බළසේනාධිපතිගේ වැඩිදුර උපදෙස් අපේක්‍ෂා කර ඇත. ඒ අනුව, එහි කැදවූ වනජීවී නිලධාරීන් වෙත කොටන් සහිත ලොරි රථය සමග රියදුරු හා සහායක ද භාරදී ඇත. මීට දින කිහිපයකට පෙරද මෙම භටපිරිස් විසින් එවැනිම කොටන් තොගයක් සොයාගැනීමෙන් අනතුරුව වනජීවී නිලධාරීන් වෙත භාරදී ඇත.