නව ඉරාන හමුදා උපදේශක ශ්‍රී ලංකා යුද හමුදාපති හමුවේ

21st April 2016

ශ්‍රී ලංකාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ නව හමුදා උපදේශක ලෙස පත් වූ කර්නල් ඊබ්‍ර‍හිම් රොහානි අද (20) පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු වුවේය. ශ්‍රී ලංකාව සහ ඉරානය යන දෙරටටම බලපාන වැදගත් සහ කාලෝචිත කරුණු පිළිබඳව මෙන්ම වසර ගණනාවක සිට පැවති සබඳතා පිළිබඳව ද මෙම දෙපාර්ශවය අතර කරුණු සාකච්ඡා විය. මෙම හමුව අවසානයේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි. නව ඉරාන හමුදා උපදේශක සමඟින් ධූරයෙන් නික්ම යන හිටපු ඉරාන හමුදා උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් මොහොමඩ් රේසා ශහාලි මෙම අවස්ථාවට එක්වූවේය.