තවත් යුද හමුදා සෙබලෙකු වෙත නව නිවසක්
19th April 2016
නැගෙනහිර ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 3,8,18 සහ 24 යන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලක්ෂ උයන ග්‍රාමයේ දරුවන් පස් දෙනෙකු සිටින 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් විශ්‍රාමික සාමාන්‍ය සෙබල ඩි.එල්. සමරසුන්දර වෙත රුපියල් මිලියන 1.5 ක් වටිනා නව නිවසක් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එහි සපැමිණි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විසින් සඳුදා (18) දින පරිත්‍යාග කරන ලදි. මෙලෙස පොලොන්නරුව ලක්ෂ උයනේ දී ඉදි වූ මෙම නව නිවස ප්‍රතිලාභීයා වෙත භාරදීමේ චාම් උත්සවයේ දී ජනාධිපතිතුමා විසින් ප්‍රතිලාභීන් වෙත මෙම නිවසේ යතුරු භාරදීම හා එළඹුනු සුබ මොහොතින් අභිනව නිවසට ගෙවිදීම සිදු කෙරිනි. යුද හමුදා භට පිරිස් මෙම නිවස ඉදි කිරීම සඳහා තාක්ෂණික සහයෝගය ලබා දුන්හ. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසු නිලයින් ඇතුලු ආරාධිතයින් රැසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.