නවතමයෙන් ඉදි කරනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු ආඥා මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කරයි
10th April 2016
දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු ආඥා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ එම මූලස්ථාන ගොඩනැගිල්ල එහි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්ගේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සෙනසුරාදා (9) දින විවෘත කරනු ලැබීය. එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත එම මූලස්ථාන පිවිසුම් දොරටුව අභියස දී හමුදා සම්ප්‍රදායානකූලව සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු ආඥා මූලස්ථාන නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ සමරුපලකය නිරාවරණය කර මහා සංඝ රත්නයේ පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ එම ගොඩනැගිල්ල විවෘත කිරීමේ පීත්ත පටිය කපනු ලැබීය. අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා එම ගොඩනැගිලි සංකීර්ණය විවිධ පරිපාලන කොටස්වලට බෙදී තිබෙන ආකාරය නිරීක්ෂණය කළහ. එහිදී මේජර් ජෙනරාල් ජගත් අල්විස් ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු ආඥා මූලස්ථානයෙහි වත්මන් තත්වය සහ අනාගත අභියෝග හමුවේ ක්‍රියා කරන ආකාරය පිළිබඳව යුද හමුදාපතිතුමා වෙත කරුණු පැහැදිලි කරනු ලැබීය. මෙම උත්සවය අවසානයේ යුද හමුදාපතිතුමා සමූහ චායාරූපයකට ද පෙනී සිටීමට අමතක නොකලහ.