ගෞරවනීය සහ අභිමානවත් මතකයන් රැගත් ජාතික ආරක්ෂක බලමුළු නිලධාරි නිවස්නය නවීකරණය කෙරේ
8th April 2016
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මුලස්ථානයේ අභිමානවත් ඉතිහාසයක් රැගත් නිලධාරි නිවස්නය වසර 22 ක කාලයක් පුරා කලාත්මක හා ගෘහ නිර්මාණාත්මක ලෙස නවීකරණය කොට ඇත. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආශිර්වාද මැද දියත් කළ මෙම නව නවීකරණ ව්‍යාපෘතිය සඳහා මගපෙන්වනු ලැබුවේ එම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරා විසිනි. මෙම නිලධාරි නිවස්නයේ පැවති ප්‍රෞඪත්වයට හා අභිමානයට හානියක් නොවන ලෙස ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට පියවර ගැනිනි. බ්‍රස්පතින්දා (08) දින පැවති මෙම නිලධාරි නිවස්නය නැවත විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරා විසිනි. නියෝජ්‍ය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තවත් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ. ජාතික ආරක්ෂක බලමුළු මූලස්ථානයේ පිහිටි මෙම නිලධාරී නිවස්නය වලව්වක ආකාරයෙන් ඉදි කොට ඇති අතර, එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලන කාලයේ ගොඩ නංවා ඇත. අක්කර 2 ½ ක භූමි පරිශ්‍රයක පවතින මෙම පැරණි බංගලාව, නව නිලධාරි නිවස්නය ආදිය පසුගිය වසර 22 ක් පුරා වරින් වර රෙජිමේන්තු අධිපතිවරු 11 දෙනෙක් යටතේ අලුත්වැඩියා කොට ඇත. අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා රෙජිමේන්තු අධිපති සමගින් මෙම නිලධාරී නිවස්නය සහ අනෙකුත් ස්ථානවල සංචාරය කළ අතර, මෙම ගොඩනැගිල්ලේ ආලේපිත සුදු පැහැති ආලෝකය සමග ගලපා ඇත්තේ මනාව සසඳමිනි. සියවස් කිහිපයකට අයත් විවිධ ඵෙතිහාසික සටන් හා සම්ප්‍රදායික අවස්ථා නිරූපණය කරන සිතුවම් සහ කැටයම් මෙම නිලධාරී නිවස්නය තුල දක්නට ලැබෙන අතර, එකල මෙම බංගලාව වතු අධිකාරිවරයෙකුගේ පරිහරණය සඳහා වෙන් කොට තිබිණි. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු අධිපතිගේ අධීක්ෂණයෙන් එම රෙජිමේන්තු නිලධාරීන්ගේ සහ රෙජිමේන්තු අරමුදලේ දායකත්වයෙන් මෙම ගොඩනැගිල්ල අලංකාර කරනු ලැබීය. එහි සංචාරයෙන් අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සටහනක් ද යෙදිය. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මහ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් ආරාධිතයින් ද මෙම උත්සව අවස්ථාවට එක්ව සිටියහ.