යුද හමුදා සෞඛ්‍ය සේවාව පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුම්
7th April 2016
ලෝක සෞඛ්‍ය සංවිධානය, යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව බදාදා (6) දින නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී සෞඛ්‍ය කටයුතු සම්බන්ධ වැදගත් කාලෝචිත සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එම සාකච්ඡාව සඳහා නීරෝගීමත් හමුදාවක් - නීරොගිමත් දැයක් ව්‍යාපෘතියෙහි විධායක සම්බන්ධීකරක බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන මෙම ව්‍යාපෘතිය මගින් සිදු කරනු ලබන වැඩසටහන් මාලාව සහ එමගින් යුද හමුදා සාමාජිකයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයවලුන් බෝ නොවන රෝගවලින් වළක්වා ගැනීම සඳහා සිදු කරනු ලැබූ මෙහෙවර පිළිබඳව විස්තර ඉදිරිපත් කරනු ලැබීය. මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය ජෙකොබ් කුමරේසන් මහතා යුද හමුදා සාමාජිකයින්ගේ පවුල්වල අයවලුන්ගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ එමගින් මිලියනයකට අධික පිරිසකට වෛද්‍ය සේවා පහසුකම් සැපයීම ඉතා මහගු මෙහෙවරක් ලෙස පෙන්වා දෙන ලදී. යුද හමුදා සාමාජිකයින් තුල බෝ නොවන රෝග පිළිබඳව දැනුවත් කිරීම ඔහුගේ පැසසුමට ලක් විය. තව ද යුද හමුදාවේ සෞඛ්‍ය සේවාව නැංවීම සඳහා තාක්ෂණික සහය සහ නව තාක්ෂණවේදය තුලින් සහයෝගය දක්වන බවත් හෙතෙම පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය ජෙකොබ් කුමරේසන් මහතා සහ එම සංවිධානයේ වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක, නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක් විධායක සම්බන්ධිකාරක බ්‍රිගේඩියර් ඒ.එස්.එම් විජේවර්ධන, නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂිකා කර්නල් එච්.ටී. වික්‍රමසේකර මෙන්ම නාරාහේන්පිට යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂක කර්නල් පී.ඒ.සී. ප්‍රනාන්දු ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.