ශ්‍රී ලංකා යුද හමුදා හා පකිස්තානු කණ්ඩායම රිදී පදක්කම හිමි කර ගනි

6th April 2016

මාර්තු 31 සිට අප්‍රේල් 04 දක්වා පකිස්තානයේ මංන්ග්ලා කඳුකර ප්‍රදේශයේ පැවැත් වූ ශාරීරික යෝග්‍යතාව හා ආත්ම විශ්වාසය මැන බැලීමේ තරඟාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් සහ පකිස්තානු දකුණු විධාන හමුදා සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම සමත් විය. මෙම තරඟාවලිය සඳහා චීනය, සවුදි අරාබිය, ශ්‍රී ලංකාව, කසකස්තානය සහ මාලදිවයින යන රටවල්හි නිලධාරීන් 16 දෙනෙකු මෙහෙය වූ කන්ඩායම් 6 ක් දරා ගැනීමේ හා නොනැසී සිටීමේ නිපුනතා පරීක්ෂා කිරීම සඳහා පැය 72 ක් පුරා ක්ෂේත්‍ර තරඟ අවස්ථා 23 ක් සඳහා සහභාගි විය. මෙහි ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග සහ කුසලාන ප්‍ර‍දානය කිරීම පකිස්තානු යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානි ජෙනරාල් රහීල් ෂරීෆ් ගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු විය. මෙම තරඟාවලියේ රන් පදක්කම හිමි කර ගනු ලැබුවේ පකිස්තානු මංග්ලා බලකා කණ්ඩායම විසිනි. ශ්‍රී ලංකා කණ්ඩායම, පකිස්ථානු දකුණු විධාන කණ්ඩායම සමඟ රිදී පදක්කම දිනා ගනු ලැබීය. මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එල්.ඒ.එන්.එස් වනිගසිංහ සහ කමාන්ඩෝ රෙජිමේන්තු බල සේනාධිපති කර්නල් ඩී.එම්.යූ.ජී බණ්ඩාර මෙහි නිරීක්ෂකයන් ලෙස සහභාගි වූහ. පකිස්තානු යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානි සමාප්ති උත්සවයේදී හමුදා භටපිරිස් අමතමින් “හමුදා සේවයේ නියුතු භටපිරිස්වල ශාරීරික යෝග්‍යතාවය හා කණ්ඩායම් සාමුහිකත්වයේ වැදගත්කම” අවධාරනය කරන ලදී. කණ්ඩායම් කළමනාකරු ලෙස මේජර් එච්.එම්.එම්.බී සෙනෙවිරත්න, කණ්ඩායම් නායක කපිතන් එන්.එම්.ඒ.බී නිශ්ශංක, උප නායක සැරයන් ඩබ්.ජී උදය කුමාර, කෝප්‍ර‍ල් එච්.එම්.ජී.කේ හේරත්, ලාන්ස් කෝප්‍ර‍ල් ජී.සී.අයි.එන් සිරිවර්ධන, ලාන්ස් කෝප්‍ර‍ල් ඩබ්.එම්.ආර් අබේරත්න, ලාන්ස් කෝප්‍ර‍ල් එල්.ජේ.ඩී විමලවර්ධන, ලාන්ස් කෝප්‍ර‍ල් ජී.ඒ.පී.ආර් බණ්ඩාර සහ ලාන්ස් කෝප්‍ර‍ල් ජී.සි.ඩී නිෂාදි අනෙකුත් තරඟකරුවන් ලෙස මෙම තරඟාවලියට සහභාගි වී සම රිදී පදක්කම හිමි කර ගත්හ.