ශ්‍රී ලංකා යුද හමුදා වාර්ෂික මැරතන් ධාවන තරඟාවලිය ජ’පුර දී 51 වන වරටත්
3rd April 2016
ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ සියලු රෙජිමේන්තු මැරතන් ධාවන තරඟාවලිය 200 කට අධික යුද හමුදා ක්‍රිඩක ක්‍රීඩිකාවන් ගේ සහභාගීත්වයෙන් ඉරිදා (3) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසලින් ආරම්භ විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මැරතන් ධාවන තරඟාවලිය - 2016 ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සහ කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ විධානයෙන් ජයවර්ධනපුර දී උදෑසන ආරම්භ කරනු ලැබීය. එම මැරතන් ධාවන තරඟාවලිය පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය ඇතුළු කිලෝ මීටර් 21 ක දුරක් ආවරනය කරමින් ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරඟාවලිය වට දෙකකින් සමන්විත වේ. යුද හමුදා මලල ක්‍රීඩා කමිටුව දේශීය සහ ජාත්‍යාන්තර මට්ටමේ තරඟ විනිශ්චය මණ්ඩලයක් තරඟ නිරීක්ෂණය සඳහා යොදවා තිබුණි. මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින්ට ජය සංකේත ප්‍රදානය බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.