‘තල්පතයි පන්හිඳයි’ වඩා හොඳ සබඳතාවක් සඳහා යාපනයේ දී හමුවේ

31st March 2016

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා ජනමාධ්‍ය ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක (පාර්ලිමේන්තු මන්ත්‍රි) මහතාගේ යෝජනාවකට අනුව එම අමාත්‍යාංශය ‘තල්පතයි පන්හිඳයි’ නමින් දියත් කළ නවතම ව්‍යාපෘතියේ ‘එන්න එකට - හුස්ම ගන්න’ තේමාව යටතේ උතුරු හා දකුණු වෘත්තීය ජනමාධ්‍යවේදීන් අතර ප්‍රතිසන්ධානය, හොඳහිත සහ අවබෝධය‍ප්‍ර‍ර්ධනය කිරීමේ වැඩසටහනක් මාර්තු මස 24 සිට 27 දක්වා යාපනය අර්ධද්වීපයේ දී පවත්වන ලදි. කරුණාතිලක මැතිතුමා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දකුණු මාධ්‍යවේදීන් පිරිසක් යාපනය මුද්‍ර‍ණ සමාජය සහ යාපනය මූලික කොට ගත් මාධ්‍ය හිතවතුන් මේ සඳහා එක් වූ අතර, යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍ර‍මුඛ එම මූලස්ථානය ඒ සඳහා අවැසි පහසුකම් සලසා දුනි. මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍ර‍ධාන යුද හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් විසින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන සම්මන්ත්‍ර‍ණ ශාලාවේ දී සංචාරක උතුරු - දකුණු මාධ්‍යවේදීන් සමග අදහස් හුවමාරු කර ගත්හ. අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා, ලේකම්වරුන් හා යාපනය ප්‍රධාන පෙළේ කතුවරුන් සහ‍මාධ්‍යවේදීන් කණ්ඩායම සංචාරක සාමාජිකයන් සමඟ ද අදහස් හුවමාරු කර ගත් අතර, දිවයින පුරා සේවය කරන සමාජය හා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ යහපත සඳහා මෙම ක්ෂේත්‍ර‍ය තුළ වඩා හොඳ සබඳතා පුළුල් කිරීමට ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදි. මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණ ද පිරිනැමීය.