දමිළ කාන්තා සෙබලියන් සහ දමිළ කාන්තාවන් සමඟ විවාහ වි සිටින සෙබලුන් වෙත නව සන්හිඳියාවේ ගම්මානයක් ඉදිවේ
25th March 2016
ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතියෙහි අරමුදල් හරහා දමිළ කාන්තා සෙබලියන් සහ යුද හමුදා සාමාජිකයින් සමඟ විවහා වී ඇති දමිළ කාන්තාවන් සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ සෙබලුන් සහ 4 වන ඉංජිනේරු සේවා බලකායේ සෙබලුන් විසින් ‘සන්හිඳියාවේ සත්විරුගම’ නිවාස ව්‍යාපෘතිය යටතේ වව්නියාව කොකෙළිය ප්‍රදේශයේ නව නිවාස 51ක් ඉදි කර ඇත. යුද හමුදා සෙබලුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ‘සන්හිදියාවේ සත්විරුගමෙහි එක් නිවසක් පර්චස් 40 ක භූමි ප්‍රමාණයක ගොඩනැගු අතර, එහි වටිනාකම රුපියල් මිලියන 2 ක් පමණ වේ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 03 වන දින පැවැත්වෙන උත්සවයේ දි සිංහල සහ දමිළ අලුත් අවුරුද්දෙහි චාරිත්‍රවාරිත්‍රඉටු කිරීම සඳහා මෙම නිවාස 51 හි යතුරු දමිළ කාන්තා සෙබලියන්, දමිල කාන්තාවන් සමඟ විවාහ වී ඇති සෙබලුන්ට මෙන්ම, දරුවන් හත් දෙනෙකු සිටින සෙබලෙකු වෙත ද, මාස කිහිපයකට පෙර ඝාතනයට ලක් වූ වින්ද්‍යා පාසල් ශිෂ්‍යාවගේ ළඟම ඥාතීන් වෙත ද, භාර දීමට නියමිතය. ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ දී බදාදා (23) දින පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහතා පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය නිවැරදි මඟපෙන්විම අනුව ගත් පියවරක් වන නිසා එමගින් දමිළ ජනතාවගේ හදවත් සුවපත් කිරීමට හැකිවන බවයි. මෙම සංකීර්ණය තුළ නව ක්‍රීඩා පිටිය සකස් කිරීමට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරිපත් වී ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නව ළමා උද්‍යානය ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. තවද, ඉදිකිරීම් කටයුතුවලට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාව යුද හමුදා සියලු රෙජිමේන්තුවල සහාය ඇතිව මෙම නව නිවස සංකීර්ණයේ ප්‍රජා ශාලාවක් හා භූමි අලංකරණ කටයුතු සිදුකිරීමට පොරොන්දු වී ඇත. මෙම හමුවේදී මාධ්‍යයන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඉංජිනේරු හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ මේ වන විට අත්‍යාවශ්‍ය ආරක්ෂක රාජකාරීන් සඳහා යම් ඉඩම් ප්‍රමාණයක් රඳවාගෙන යාපනය සිවිල් වැසියන් වෙත ඉඩම් අක්කර 3700 ක් පමණ නිදහස් කර ඇති බවයි. කොකෙළිය මෙම නව නිවාස ව්‍යාපෘතිය මගින් සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙන් සහජීවනය, සංහිඳියාව සහ එකමුතුකම ත්‍රිවිධ හමුදාවට ප්‍රවර්ධනය කළ හැකි බව ද සංකේතවත් කරයි.