ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් යුද හමුදාපති හමුවේ
24th March 2016
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතිගරු බ්‍රයිස් හචිසන් මහතා, ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සමඟ බදාදා (23) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එහි දි යුද හමුදාපති සමගින් යුද සේවා සහකාර එක්ව හමුදා ලේකම් කාර්යාල පිවිසුම් දොරටුව අභියස දී ඔවුන් පිළිගනු ලැබීය. එහිදි හච්සන් මහතා සහ යුද හමුදාපතිතුමා අතර උතුරු හා නැගෙනහිර සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් දැනට ක්‍රියාත්මක යුද හමුදා සුබ සාධන ව්‍යාපෘති පිළිබඳව කරුණු ද සාකච්ඡා කරනු ලැබීය. තවද යුද හමුදාපතිතුමා විසින් උතුරු - නැගෙනහිර ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ සිවිල් සංවිධානවල ඉල්ලීම මත යුද හමුදාව සමාජ සේවා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව ද කරුණු සහිතව එහිදි පැහැදිලි කරනු ලැබීය. එමෙන්ම යුද හමුදාපති කාර්යාලයේ තබා ඇති විශේෂ අමුත්තන් සඳහා වන පොතේ සමරු සටහනක් තැබීමට ද ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ක්‍රියා කළහ. මෙම හමුව සිහිගන්වමින් දෙපාර්ෂවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. ,