සෙබලුන්ගේ මැදිහත්වීමෙන් ලැව් ගින්න පැතිරීම වළක්වයි
23rd March 2016
නුවරඑළිය හෝර්ටන්තැන්න උතුරු පෙදෙසෙහි බෝපත්තලාව ඩයගම ප්‍රදේශයේ සඳුදා (21) දින ඇති වූ ලැව් ගින්න යුද, ගුවන්, පොලිස්, වන රක්ෂණ නිලධාරීන්, සිවිල් වැසියන් සහ පරිසරවේදීන් ඇතුළු 100 කට අධික පිරිසකගේ මැදිහත්වීමෙන් මැඩපවත්වා ඇත. එමෙන්ම ඉරිදා (20) දින නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නද 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන්ගේ මැදිහත්වීමෙන් එදින මධ්‍යම රාත්‍රිය වන විට මැඩපවත්වා ඇත. ඩයගම ගොවිපළට දකුණු දිශාවෙන් වූ කඳු සහිත ප්‍රදේශයේ ද ගින්න පැතිරෙමින් තිබූ අතර, පුද්ගලයින් 80 ක් පමණ මෙම ගින්න නිවීමට එක් වූහ. ඉහලට විහිදී තිබු එම ගින්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙහි හෙලිකොප්ටර් යානා ආධාරයෙන් ජලය ලීටර් 55,000 ක් පමණ බිමට ඉසිමින් නිවා ඇත. ඒ අනුව භට පිරිස්හි සහ අනෙකුත් පිරිස්හි මැදිහත්වීම මත සඳුදා (21) පස්වරු 5.00 පමණ වන විට ගින්න සම්පූර්ණයෙන් නිවා යථා තත්වයට පත් කරනු ලැබීය. එම ගින්නෙන් අවාසනාවන්ත ලෙස අක්කර 600 වැඩි කැළෑ ප්‍රදේශයක් විනාශයට ලක් වී ඇත.