ඉංජිනේරු සේවා බලකාය මීරියබැද්දේ නිවාස ඉදිකිරීමෙහි නිරත වේ

17th March 2016

පසුගියදා කොස්ලන්ද, මාකලන්දෙණිය ප්‍රදේශයේ මීරියබැද්ද නම් ස්ථානයේ සිදු වූ නායයෑම නිසා නිවාස අහිමිවූවන්ට නව නිවාස ඉදි කිරීම රාජ්‍ය නිලධාරින් යුද හමුදාවෙන් සිදු කළ ඉල්ලීමකට අනූව සිදු කිරීම 17 වන ඉංජිනේරු සේවා බලකාය විසින් ක්‍රියාවට නංවා ඇත. ෙයුද හමුදාපතිතුමාගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ලෙස අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරාල් ඒ.පී ද ඉසෙඩ් වික්‍ර‍මරත්න මෙම ඉදි කිරීම් නිරීක්ෂණයට එක් වූවේය. එහි දී නව ආඥාපතිවරයා ඉදි කිරීම්හි නියුතු සියලු නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ කරුණු සාකච්ඡා කළ අතර, ඉදි කිරිම් කටයුතු පමණක් නොව ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව ද ආඥාපතිවරයා කරුණු විමසා සිටියේය. 2014 ඔක්තෝබර් මස 29 වන දින මීරියබැද්ද නායයාම සිදු වූ අතර, ඉන් වතු කම්කරුවන්ගේ නිවාස 76 ක් සම්පූර්ණයෙන්ම විනාශ විය. ඔවුන්ට නව නිවාස ඉදි කරදීමේ වගකීම භාරගත් යුද හමුදාව පසුගිය මාස කිහිපයක සිට එම ඉදිකිරීම් කටයුතුවල නිරත වේ.