දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීමට අනුව යුද හමුදාපතිගේ උපදෙස් මත වැන්දඹු කාන්තාවක් සඳහා නව නිවසක්
15th March 2016
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 12 වන සේනාංකය යටතේ ස්ථාපිත  122 බලසේනාවේ සෙබලුන් විසින් ඔවුන්ගේ ශ්‍රමදායකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙල්ලගස්වැව, හොඬවැල්පොකුණ ග්‍රාමයේ දියණියන් තිදෙනෙකු සහ එක් පුතෙකු සිටින වැන්දඹු මවක් වෙත නව නිවසක් ඉදි කර පරිත්‍යාග කරන ලදී. මීට  කලකට පෙර තම ස්වාමියා මිය ගොස් ඇති මෙම පවුලෙහි දරුවන් හතර දෙනා සහ වැන්දඹු කාන්තාවගේ අනාරක්ෂිත බව දුටු හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි සමෘද්ධි අංශය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගෙන් එම පවුල සඳහා නව නිවසක් ඉදි කරදීමට අවශ්‍ය උදව් ඉල්ලා ඇත. එම ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා 12 වන සේනාංකයෙහි සේනාංකාධිපති වන මේජර් ජෙනරාල් ජී.ආර්.එච් ඩයස් වෙත ඒ සඳහා අවැසි කටයුතු සිදු කිරීමට උපදෙස් ලබාදුනි. ඒ අනුව එම නව නිවස ඉදි කිරීම සඳහා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අමු ද්‍රව්‍ය සපයා ඇති අතර, 12 වන සේනාංකයේ අධීක්ණය යටතේ ඒ සඳහා ශ්‍රම දායකත්වය 10 වන ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන් සහ 10 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු සෙබලුන් විසින් සපයනු ලැබීය. කඩිනමින් නිවස ඉදිකිරීමෙහි යෙදුනු භට පිරිස් කෙටි කලකින් එය නිම කිරීමට සමත් වූහ. එම නව නිවස  ලෝක කාන්තා දිනයට සමගාමීව  යහලබැඳිගේ ඉනෝකා දමයන්ති මහත්මිය වෙත සුබ මොහොතින් පිරිනැමූ අතර, එම අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් එස්.එල්.එම්.කේ සේරසිංහ මහත්මිය සහ 122 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එච්.කේ කෝට්ටවත්ත ද සහභාගි වූහ.    බල සේනාධිපතිවරයා සහ සහකාර දිස්ත්‍රික් ලේකම් විසින් මෙහි දී නිවස හිමි කාන්තාවට ත්‍යාග පාර්සල් ද පිරිනැමීය. බලසේනාධිපති විසින් මෙම ගෙමිදුලේ පැළයක් ද රෝපණය කළේ සමරු සටහනක් ලෙසය.
 
            
          House_3.jpg) 
            House_8.jpg) 
            House_2.jpg) 
            House_1.jpg) 
             
            House_7.jpg) 
            House_5.jpg) 
            House_6.jpg) 
            House_4.jpg)