රාජ්‍යත්‍රාන්තිකයින් දෙදෙනෙක් යුද හමුදාපති හමුවේ

12th March 2016

ශ්‍රී ලංකාවට අනුබන්ධිත ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ආර්ඩියාන්සියා මුක්සිත් සිකුරාදා (11) දින යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එහිදි කර්නල් ආර්ඩියාන්සියා, යුද හමුදාපතිතුමන් සමඟින් අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ කරුණු සාකච්ඡා කරන ලදි. එමෙන්ම, සැම්බියානු ආරක්ෂක උපදේශක කර්නල් ස්ටෙෆන් සිමුසන්දු ද එදිනම යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති හමුවිය. මෙම රාජ්‍යත්‍රාන්තිකයින්, යුද හමුදාපතිතුමා සමඟ පැවති හමුවේ දී ද්විපාර්ශ්විකව වැදගත්වන කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදි. යුද හමුදාපති සහ එම රාජ්‍යත්‍රාන්තිකයින් අතර සාකච්ජාවලින් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.