විස්සයි විස්ස ප්‍රථම ආසියානු කුසලාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලිය සඳහා යුද හමුදා ක්‍රීඩකයින් සිව්දෙනෙක්
11th March 2016
පසුගිය දා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොච්චිහි පැවති විස්සයි විස්ස ප්‍රථම ආසියානු කුසලාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලිය සඳහා විසිදෙනෙකුගෙන් සමන්විත දෘශ්‍යාබාධිත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව්දෙනෙක් සහභාගි වූහ. ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් මෙහි දි තරඟ වැදුණු අතර, බංගලාදේශ සහ නේපාල කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය හිමි වූ නමුත් පකිස්ථානය හා ඉන්දියාව අතර තරඟවල දි ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය. 10 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ජේ.පි.ඩි. රවින්ද්‍ර සහ 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් අයි.ඒ.පි. සමන් කුමාර බංගලාදේශය අතර හා නේපාලය අතර තරඟවල දී දක්ෂ ලෙස ක්‍රීඩා කළ අතර, එය එම තරඟ ජයග්‍රහණයට ද ඉවහල් විය. කෙසේ වුවද අවසාන තරඟය ඉන්දියාව සහ පකිස්තානය අතර පැවතිනි. ඉන් ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය ලබා විස්සයි විස්ස ආසියානු කුසලානය හිමි කර ගත්හ. යුද හමුදා පැරා ඔලිම්පික් කමිටුව සමග සහයෝගයෙන් පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තරඟාවලිය සඳහා සහභාගි වූ යුද හමුදා ක්‍රීඩකයින් වෙත පහසුකම් සලසා දෙනු ලැබිය. මෙම තරඟාවලියේ සමාප්ති උත්සවය ජනවාරි මස 24 වන දින පවත්වන ලදි.