ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් යුද හමුදාවෙන් දෘශ්‍යාබාධිත කාන්තා සංගමයට ආධාර පිරිනැමේ
8th March 2016
දෘශ්‍යාබාධිත කාන්තා සුබසාධක සංගමයේ ඉල්ලීමකට අනූව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් එම සංගමයේ සුබසාධනය උදෙසා රුපියල් ලක්ෂ 2 ක මුදලක් පිරිනමනු ලැබීය. යුද හමුදා සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුනිල් වන්නිආරච්චි විසින් ඊට අදාල චෙක්පත දෘශ්‍යාබාධිත කාන්තා සුබසාධක සංගමයේ සභාපතිනි එම්. උෂානි දිල්රුක්ෂි මහත්මිය වෙත පසුගිය අඟහරුවාදා ( මාර්තු 1 වන දින) භාර දුන්නේය. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් යුද හමුදාව කළ මෙම සත්කාර්යයට දිල්රුක්ෂි මහත්මිය තම සංගමය වෙනුවෙන් කෘතඥතාවය පල කර සිටියාය.