බැතිමතුන්ට අධි ආරක්ෂක කලාපයේ පූජා පැවැත්වීම සඳහා යාපනයේ සෙබලුන් විසින් පහසුකම් සලසයි
8th March 2016
යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්විම මත එම එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් මහශ්‍රීව රාත්‍රි දිනය (07) නිමිත්තෙන් වසර 28 කට පසු යාපනය පලෙයි, අධි ආරක්ෂිත කලාපය තුල පිහිටා ඇති මනම්පිරායි පිල්ලෙයාර් කෝවිලේ සහ වාසවිලාන් නාග පූජා භුමියේ දී බැතිමතුන් හට ආගමික වතාවත් ඉටුකිරීම සඳහා අවස්ථාව උදා කරදෙන ලදි. බැතිමතුන් හට පූජා පැවැත්විමට අධි ආරක්ෂිත කලාපයට පිවිසීම සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ස්ථාපිත 7 වන ගජබා රෙජිමේන්තුව සහ 2 වන ගැමුණු හේවා බලකා සෙබලුන් විසින් පූජාබිම් අවට සහ අධි ආරක්ෂිත කලාපයට පිවිසෙන මාර්ගය පිරිසිදු කරන ලදි. ඉරිදා (06) උදෑසන පැවති පූජා සහ ආගමික වතාවත් සඳහා බැතිමතුන්ට අවශ්‍ය ගමනාගමන පහසුකම්, පානීය ජලය, වෛද්‍ය ප්‍රතිකාර හා සනීපාරක්ෂක පහසුකම් ඇතුලු අනෙකුත් සියලුම ආධාර සැපයීම යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන් විසින් සිදු කෙරිනි. එහිදි හින්දු බැතිමතුන්, යුද හමුදාව විසින් දැක් වූ මෙම සහයෝගය පිළිබඳ සිය කෘතඥතාව ද පළ කළහ. එසේම, යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපතිගේ උපදෙස් මත මාර්තු මස 7 වන දිනට යෙදෙන මහශ්‍රීවරාත්‍රි සමරුම වෙනුවෙන් සියලු ප්‍රදේශවල පිහිටි හින්දු පූජා භුමි පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපෘති කිහිපයක් සංවිධානය කරන ලදි. මීට අමතරව විවිධ පුජා භුමිවල එම පූජා සහ උත්සව කටයුතු වෙනුවෙන් බැතිමතුන් සඳහා ප්‍රවාහන පහසුකම්, පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබාදෙමින් බැතිමතුන් වෙත සහාය ලබාදෙන ලදි.