සෙබලුන් හා භාණ්ඩ ප්‍ර‍වාහනයට යුද හමුදාව දුම්රිය සේවය භාවිතා කරයි

8th March 2016

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයකට අනුව උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රථවාහන තදබදය සහ සහ වියදම් අඩු කිරීමේ අරමුණින් ගාල්ලේ සිට කන්කසන්තුරය වෙත ද, කන්කසන්තුරයේ සිට ගාල්ල වෙත ද යුද හමුදා බඩුබාහිර ආදිය සහ සෙබලුන් ප්‍ර‍වාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවය භාවිතා කරන ලදි. මෙම නැවත ආරම්භ කරන ලද ව්‍යාපෘතිය යටතේ භට පිරිස් සහ ඔවුන්ගේ යාන්ත්‍රික උපකරණ, බැරැක්ක හා උපාංග ප්‍ර‍වාහනය කරනු ලැබූ අතර, ප්‍ර‍ථමයෙන් පෙබරවාරි 21 වන දින කන්කසන්තුරය බලාත්, පෙබරවාරි 24 වන දින නැවත කන්කසන්තුරයේ සිට ගාල්ල බලාත් මගී ප්‍ර‍වාහන දුම්රිය ගැල් 08 ක් හා භාණ්ඩ ප්‍ර‍වාහන ගැල් 02 ක් යොදා ගනිමින් ප්‍ර‍වාහනය කිරිම සිදු කෙරිනි. රාජකාරියෙහි යෙදි සිටින ඒකක අන්තර් ඒකක මාරු කිරීම මත 2 වන (සෙව්) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි මේජර් ඩබ්.එම්.ජි.ජේ. වනිගසේකර හා 16 වන (සෙව්) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි මේජර් ඩි.එච්.ඩබ්. දේශප්‍රිය යන නිලධාරින් දෙදෙනාගේ ඉල්ලීම මත මෙම සේවා නියුතු ස්ථාන මාරු කිරීමේ කටයුතු සිදු කළ අතර, මෙසේ භඨ පිරිස්වල රාජකාරි ස්ථාන මාරු කිරීමේ ක්‍රියාවලිය ත්‍ර‍ස්ත ක්‍රියා හේතුකොට ගෙන 2009 වර්ෂයේ මැයි මසට පෙර නතර වී තිබුණි. කෙසේ නමුත් මේ සඳහා මහා මාර්ග භාවිතා කර ට්‍ර‍ක් හෝ බර වාහන යොදා ගැනිමේ දී විශාල ඉන්ධන ප්‍ර‍මාණයක් සහ මුදලක් වැය වේ. උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ආර්. රත්නසිංහම් පෞද්ගලිකව මෙහි සම්බන්ධීකරණ හා අධීක්ෂණ කටයුතු සිද කරන ලදි.