ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කිලිනොච්චි සංචාරයක
6th March 2016
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කොලිත ගුණතිලක පසුගිය සිකුරාදා (04) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරය කළ අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව කිලිනොච්චියේ සිදුකළ ප්‍රථම නිල සංචාරය මෙය වේ. එහිදි ඉරණමඩු වෙත පැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් පිළිගත් අතර, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදා සෙබලුන් විසින් සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමන ලදි. ඉන් අනතුරුව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී කිලිනොච්චි ආඥාපති විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත මෙම බල ප්‍රදේශයේ පවතින වර්තමාන තත්වය සම්බන්ධයෙන් පුළුල් විස්තරයක් ද සිදු කරන ලදී. එසේම, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නාවික හා ගුවන් හමුදා නිලධාරින් ද තම බල ප්‍රදේශයේ වගකීම් හා කර්යයන් පිළිබඳ සංචාරක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දැනුවත් කරනු ලැබිය. මෙදින සංචාරයේ දෙවැනි අදියර ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කිලිනොච්චි සහයෝගිතා මධ්‍යස්ථානයේ සංචාරය කළ අතර, එමඟින් සිදු කරනු ලබන සුභ සාධන කටයුතු සහ අධ්‍යාපන වැඩසටහන් පිළිබඳ සොයා බලන ලදි. අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් විශේෂ අමුත්තන් සටහන් කිරිමේ පොතෙහි ද අත්සන් තැබු අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිගේ මෙම සංචාරය සිහිවනු වස් කිලිනොච්චි ආඥාපති විසින් සමරු තිළිණයක් ද පිරිනැමිම සිදුකෙරිනි. ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.