කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති යුද හමුදාපතිතුමා හමු වේ
3rd March 2016
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උප කුලපති ලෙස පත් වූ රියර් අද්මිරාල් ජේ.ජේ රණසිංහ බදාද (2) දින යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය. එහි දී රියර් අද්මිරාල් ජේ.ජේ රණසිංහ මේ වන විට විශ්ව විද්‍යාලයේ සිදු කෙරෙන පුහුණු කටයුතු සහ එහි ප්‍රගතිය පිළිබඳව යුද හමුදාපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබීය. මෙම හමුව සිහිගන්වමින් ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ රියර් අද්මිරාල් ජේ.ජේ රණසිංහ අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි.