10 වන ශ්රීඉ ලංකා සාමසාධක බලඇණිය ලෙබනන් බලා පිටත් වේ.
29th February 2016
10 වන වන ශ්‍රී ලංකා සාමසාධක බලඇණිය එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි බාර ගැනීම සඳහා අද (29) පෙරවරුවේ ලෙබනන් රාජ්‍ය බලා පිටත් විය. විජයබාහු පාබල රෙජිමේන්තුව ඇතුළු අනෙකුත් රෙජිමේන්තූ නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසු නිලයින් 150 දෙනෙකුගෙන් සමන්විත 9 වන ලෙබනන් එක්සත් ජාතීන්ගේ සාමසාධක බලඇණිය වෙතින් ඔවුන් සිය රාජකාරී භාරගැනීමට නියමිතව ඇත. සිය රාජකාරී ඇරඹීමට නිලධාරීන් 05 දෙනෙක් සහ සෙසු නිලයින් 44 දෙනෙකුගෙන් සමන්විත 49 දෙනෙකුගෙන් යුත් මෙහි ප්‍රථම කණ්ඩායම පෙබරවාරි මස 16 දින ලෙබනන් බලා පිටත් විය. මෙම 10 වන ශ්‍රී ලංකා සාමසාධක බලඇණිය නිලධාරීන් 10 දෙනෙකුගෙන් සහ සෙසු නිලයින් 140 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයට ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායෙන් 4 ක්, ශ්‍රී ලංකා සංඥා බලකායෙන් 4 ක්, ගජබා රෙජිමේන්තුවෙන් 71 ක්, විජයබාහු පාබල රෙජිමේන්තුවෙන් 08 ක්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙන් 22 ක්, කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් 13 ක්, විශේෂ බළකායෙන් 8 ක්, ඉංජිනේරු සේවා බලකායෙන් 2 ක්, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායෙන් 04 ක්, ශ්‍රී ලංකා වෛද්‍ය බළකායෙන් 2 ක්, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකායෙන් 2 ක්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙන් 4 ක්, ශ්‍රී ලංකා පොලිස් හේවා බළකායෙන් 2 ක් සහ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායෙන් 2 ක් අයත් වේ. මෙම භට කණ්ඩායම සමඟ විශේෂ බලකායට අයත් පුහුණුව ලත් සුනඛයින් සිවු දෙනෙකු ද ප්‍රභූ ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට කැටුව යන ලදී. ලෙබනන් රාජකාරී සඳහා යෑමට නියමිත වූ 150 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ විසිරයාමේ පෙළපාලිය සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ දී ජනවාරි මස 16 දින පැවති අතර, එහිදී එම බලඇණියේ අණ දෙන නිලධාරී ලුතිතන් කර්නල් දිනෙෂ් උඩුගම වෙත ආචාරය පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර යනු ලැබූ සෙබලුන්ගේ ළඟම ඥාතීන් බොහෝ පිරිසක් සහභාගි වූහ. මෙම භට පිරිස් නාකෝරා - ලෙබනන් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මූලස්ථානයේ විශේෂ රාජකාරීන් සඳහා යොමු කරනු ලබන අතර, එම මූලස්ථානයේ සහායක ඒකකයක් ලෙස ද රාජකාරී කරනු ලැබේ. 2010 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් එක්සත් ජාතීන්ගේ ඉල්ලීමකට අනූව සාමසාධක රාජකාරීන් සඳහා බලඇණි 9 ක් යොදවා ඇත.