නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සන්නාහ සන්නද්ධ සෙබලුන්ගේ ආචාරය
23rd February 2016
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් වූ සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් පිළිගැනීමේ උත්සවයක් අඟහරුවාදා (23) දින කොළඹ, මෝදර රොක් හවුස්හි පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි. එහි දී 1 වන විමර්ශන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්.පී.ඩි. ප්‍රනාන්දු විසින් මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් පිළිගැනීමෙන් අනතුරුව සන්නාහ සන්නද්ධ බලකා සෙබලුන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය. අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.ටි. ගමගේ විසින් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් සරඹ භූමිය වෙත කැදවාගෙන යනු ලැබූ අතර, එහි දී සන්නාහ සන්නද්ධ බලකා සෙබලුන් විසින් වර්ණවත් ආචාර සම්මාන පෙලපාලියක් ද හෙතෙම වෙත පුද කරනු ලැබීය. එමෙන්ම මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සංවිධානය කරනු ලැබූ සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා ද එක් විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් මෙන්ම සෙසු නිලයින් ද එක්ව සිටියහ.