ඉරාන තානාපති යුද හමුදාපති හමුවේ
19th February 2016
ඉරාන ඉස්ලාමිය සමුහාණ්ඩුවේ තනාපති අතිගරු මොහොමඩ් සයරි අමීරානි සහ එම තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රස්පතින්දා (18) දින යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. යුද හමුදාපති සහ යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ජනක වල්ගම විසින් හමුදා ලේකම් කාර්යාල ප්‍රධාන දොරටුව අභියස දී ඔවුන් පිළිගනු ලැබිය. එහිදි එම නියෝජිතවරුන් යුද හමුදාපති වෙත සුභ පැතුම් එක් කළ අතර, අනතුරුව දේපාර්ශවයටම අදාල ඉතා වැදගත් කරුණු කිහිපයක් ද සාකච්ජා කරන ලදි. තිළිණ හුවමාරුවත් සමඟින් අවසන් වු මෙම සුහද හමුවට පෙර තනාපති විසින් හමුදාපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සටහන් කිරිමේ පොතේහි ද අත්සන් කරන ලදි.