අන්තර්ජාල බැංකු පහසුකම් පිළිබඳ යුද හමුදා සාමාජිකයින් දැනුවත් කෙරෙයි
17th February 2016
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අධික්ෂණයෙන් යුද හමුදා මුලස්ථානයේ නිලධාරින් පාරිභෝගිකයන් වෙත පහසුකම් සැපයෙන ඊ බැංකු කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ දේශනයක් අඟහරුවාදා (16) දින යුද හමුදා මුලස්ථානයේ දී පවත්වන ලදි. කොළඹ මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු අයි.ඩි.එස්.එස්. ඉලුක්කුඹුර මහතා, කපිල විජේවර්ධන මහතා සහ ඊ බැංකු අංශ කළමණාකරු තුෂාර පිඹුරාල්ආරච්චි මහතා විසින් හඳුන්වාදීමෙන් මෙම සැසිය මෙහෙය වූ අතර, ඊ බැංකු කටයුතු පිළිබඳව පැහැදිලි කරන ලදී. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 40 දෙනෙකු ඇතුලු යුද හමුදා නිලධාරීන් 200 ක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.