යාන්ත්රිදක පාබල රෙජිමේන්තු ප්‍හතථම ‘වර්ණ රාත්රි ය’ ක්රී ඩකයින්ට ගෞරව පුදකරයි
15th February 2016
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ක්‍රීඩකයින්ගේ මලල ක්‍රීඩා සහ අනෙකුත් ක්‍රීඩා ජයග්‍රහණ අගයමින් සංවිධානය කරනු ලැබූ වර්ණ රාත්‍රිය එම රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඒ.එම් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (12) දින පස්වරුවේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේ දී ඉතා වර්ණවත් අයුරින් පවත්වනු ලැබීය. මෙවර වර්ණ ප්‍රදානෝත්සවයේ දී නිලධාරීන් තිදෙනෙකු ද ඇතුළුව යාන්ත්‍රික පාබල ක්‍රීඩකයින් 54 දෙනෙකු ගොල්ෆ්, වෙඩිතැබීම, එල්ලේ, පිහිනුම්, මල්ලවපොර සහ බර ඉසිලීම යන තරඟ ඉසව්වලින් ලබා ගත් ජයග්‍රහණ සඳහා වර්ණ ලබා ගත්හ. මෙම වර්ණ ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජෙනරාල් ඒ.එම් පෙරේරා විසින් වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඒ.කේ රාජා වෙත වර්ණ ප්‍රදානය කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති මේජර් ජෙනරාල් ජේ.ආර් කුලතුංග මෙම රෙජිමේන්තුව නගා සිටුවීමට මහත් කැපකීරීමක් කළ නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ඒ නුගේරා, මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ජී.ජේ.එල් වඩුගේ, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ක්‍රීඩා සභාපති බ්‍රිගේඩියර් ඒ.එම්.එස්.බී අතපත්තු, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එච්.එම්.එස් හේරත් සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේනාවිධායක කර්නල් එස් බාලචන්ද්‍ර ද එක්ව සිටියහ. එමෙන්ම මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු වර්ණලාභීන්ගේ පවුල්වල ළඟම ඥාතීන් ද සහභාගි වූහ.