යුරෝපයේ පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් යාපනය ආඥාපතිතුමා හමු වේ

12th February 2016

යුරෝපයේ පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් යපනයෙහි සංචාරය කරන අතරතුර බදාදා (10) දින යාපනය නව ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක හමු විය. එහිදී පැවති කෙටි හමුවේ දී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යාපනය ප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තොරතුරු සහ එම අර්ධද්වීපයේ සිදුවන සංවර්ධනය පිළිබඳව ද අදහස් දක්වනු ලැබීය. මෙම අවස්ථාව සිහිගන්වමින් මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක විසින් නියෝජිතයින් වෙත සමරු තිළිණයක් ප්‍ර‍ධානය කල අතර, එම පිරිස විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තබනු ලැබීය. එම දූත පිරිස යාපනයෙහි සිටින කාලය අතරතුර උතරු පලාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස් පලිහක්කාර ඇතුළු කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතය.