583 බලසේනාවේ සෙබලුන් කුරුවිට සිවිල් වැසියන් සඳහා ඇස් කණ්නාඩි බෙදා දේ
12th February 2016
බටහිර ආරක්ෂක සේනා මූළස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයෙහි 583 බලසේනාවෙහි සිවිල් සම්බන්ධීකරණ නිළධාරීන්ගේ සංවිධානයෙන් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා බදාදා (10) දින කෙහෙන්ගම ශ්‍රී බෝධි විහාරයේ දී ජංගම අක්ෂි වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය. එදින 583 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ අධීක්ෂණයෙන් රුපියල් 211,500/= වටිනා ඇස් කණ්නාඩි සිවිල් වැසියන් වෙත බෙදා දෙනු ලැබීය. එමෙන්ම 583 බලසේනාව යටතේ සේවයේ නියුතු 1 වන ගැමුණු හේවා රෙජිමේන්තු භටපිරිස් විසින් එදින සායනය සඳහා පැමිණි සිවිල් වැසියන් සඳහා නොමිලේ ආහාර පාන පහසුකම් සපයනු ලැබීය. අක්ෂි විශේෂඥ වෛද්‍ය නිමල් වීරකෝන් ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ මෙම ද්‍යෛ සායනය සඳහා අක්ෂි රෝග සහිත සිවිල් වැසියන් 235 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි අතර, ඇස් කණ්නාඩි සඳහා දායකත්වය වෛද්‍ය වීරකෝන් විසින් සපයන ලදී . එදින වෛද්‍ය සායනය සඳහා ඉඩ පහසුකම් ලබා දුන් කෙහෙන්ගම ශ්‍රී බෝධි විහාරයේ පූජ්‍ය දොඩගල විජයනන්ද හිමි විසින් ධර්මානුශාසනාවක් ද පවත්වනු ලැබීය. 583 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ අධීක්ෂණයෙන් සංවිධානය කරනු ලැබූ මෙම සත්කාර්ය සඳහා කුරුවිට පොලිස් වසමේ පොලිස් ස්ථානාධිපති සහ ග්‍රාමසේවක නිළධාරී ද සහයෝගය දක්වන ලදී.