දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ යුද හමුදා පදක්කම්ලාභින් නැවතත් තම මව්රටට පැමිණීම අරඹයි

11th February 2016

ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ක්‍රීඩා ඉසව් නිමාවෙන් පසු අඟහරුවාදා (9) දින දිවයිනට පැමිණියහ. ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයින් මල්ලවපොර සහ බර ඉසිලීමේ තරඟවලින් රිදී සහ ලෝකඩ පදක්කම් ලබා ගැනීමේ විස්තර පහත දැක්වේ. ලාන්ස් කෝප්‍ර‍ල් ජේ.ඒ.සී ලක්මාල් - 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුව - රිදී පදක්කම ( බර ඉසිලීම - කිලෝ ග්‍රෑම් 55 බර පංතිය) ලාන්ස් කෝප්‍රල් කේ.සී.ටී අබේකෝන් - 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව - ලෝකඩ පදක්කම (බර ඉසිලීම -කිලෝ ග්‍රෑම් 94 බර පංතිය) ලාන්ස් බොම්බොඩියර් ඒ.පී.එස් අබේවික්‍ර‍ම 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - ලෝකඩ පදක්කම (බර ඉසිලීම - කිලෝ ග්‍රෑම් 105 වැඩි බර පංතිය) කාන්තා සෙබල ඊ.ඒ කළුතන්ත්‍රි - 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය - රිදී පදක්කම (බර ඉසිලීම - කිලෝ ග්‍රෑම් 75 වැඩි බර පංතිය) කාන්තා සෙබල එස්.පී.එස් නිරෝෂනී 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය - රිදී පදක්කම (මල්ලව පොර -කිලෝ ග්‍රෑම් 48 බර පංතිය) කාන්තා සෙබල පී.පී.ඒ.කේ විජේසිංහ සහ කාන්තා සෙබල ඩබ්.එම්.ඩී.ටී.කේ වීරභාහු - 4 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය - (මල්ලව පොර -කිලෝ ග්‍රෑම් 53 සහ 58 බර පංතිය) එම ක්‍රීඩකයින් ගුවන්තොටුපලේ දී යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනෙකුත් යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මළල ක්‍රීඩා ඉසව් රැසක් සඳහා සහභාගි වීමට නියමිත අතර, ඉදිරි දින දෙක තුල තවත් පදක්කම් අපේක්ෂාවෙන් සිටියි.