ආසියානු මළල ක්රීලඩා තරඟාවලිය සඳහා සහභාගි වන යුද හමුදා ක්රී ඩකයා වෙත යුද හමුදාපතිගෙන් මුදල් පරිත්යා ගයක්
9th February 2016
මල්ලව පොර ඉසව්වලින් විශිෂ්ඨ ජයග්‍රහණ ලබා දෙමින් යුද හමුදාවට ඉමහත් කීර්තියක් අත්කර දී තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මළල ක්‍රීඩා තරඟාවලිය නියෝජනය කිරීම සඳහා 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් බී. නලින්ද කුමාර ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංචිතය විසින් තෝරා ගෙන ඇත. එසේ තෝරාගත් යුද හමුදා මළල ක්‍රීඩකයා හට ඉදිරියේ දී තායිලන්තයේ පැවැත්වීමට නියමිත ආසියානු මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගිවීමට රුපියල් 155,000/= ක මුදලක් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සඳුදා (8) දින යුද හමුදා මූලස්ථානයේ දී පරිත්‍යාග කරනු ලැබීය. ලාන්ස් කෝප්‍රල් බී. නලින්ද කුමාර මෙම වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත ආසියානු මළල ක්‍රීඩා උළෙලේ මල්ලව පොර (කි.ග්‍රෑ. 86 බර පන්තිය) නියෝජනය කිරිමට නියමිතය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා මල්ලව පොර කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.