12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් වර්තා රැසක්

8th February 2016

ඉන්දියාවේ පැවැත්වෙන 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉරිදා (7) දින පස්වරුවේ සිය දක්ෂතාවයන් විදහාපාමින් මල්ලවපොර (කාන්තා), බර ඉසිලීම (පිරිමි), පිහිනුම් (කාන්තා) රිදී සහ ලෝකඩ පදක්කම් කිහිපයක් ද දිනා ගැනීමට සමත් වූ අතර, එම කණ්ඩායමේ අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් පිහිණුම් සහ පාපැදි තරඟවලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. ඉරිදා (07) සන්ධ්‍යාව වන විට, 2 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල එස්.පි.එස්. නිරෝෂණි කාන්තා මල්ලව පොර (කි.ග්‍රෑ.48) රිදී පදක්කම දිනා ගත් අතර, 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍ර‍ල් ජේ.ඒ.සි. ලක්මාල් පිරිමි බර ඉසිලීම (කි.ග්‍රෑ.56) රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය. එමෙන්ම, 2 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ ආධුනික කාන්තා සෙබල අයි.ඊ. සේනානායක පිහිනුම් (කාන්තා නිදහස් ආර මීටර් 200) තරඟයෙන් රිදී පදක්කම දිනා ගන්නා ලද අතර, පිහිනුම් (කාන්තා නිදහස් ආර මිටර් 4x100) තරඟයට සහභාගි වී ඇය විසින් තවත් රිදී පදක්කමක් ද දිනා ගන්නා ලදි. තවද අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් පිහිනුම් (පිරිමි මීටර් 100 සමනල් ආර), (නිදහස් ආර මීටර් 4x100) යන තරඟ සඳහා රන් පදක්කම් දිනා ගත් අතර, පා පැදි තරඟය සඳහා රන් පදක්කමක් ද දිනා ගැනීමට සමත් විය.