ප්‍රජා ව්‍යාපෘතින් සමගින් යාපනයත් ජාතික නිදහස් දිනය සමරයි
6th February 2016
ගාලු මුවදොර පැවති 68 වන ජාතික නිදහස් දින සැමරුම් ප්‍රධාන උත්සවයට සමගාමිව යාපන අර්ධද්වීපයේ ජනතාව සමඟ එක්ව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය පසුගිය බ්‍රස්පතින්දා (04) දින ප්‍රජා ව්‍යාපෘති මාලාවක් දියත් කරන ලදි. ඒ අනුව යුද හමුදා සාමාජිකයින් විසින් කෝවිල්, පන්සල්, රෝහල්, පාසල්, අබාධිත අයවලුන් සඳහා වූ සුබසාධන මධ්‍යස්ථාන වැනි පොදු ස්ථාන 30 වැඩි ප්‍රමාණයක් පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන ව්‍යාපාරයක් ආරම්භ කළ අතර, ඊට ප්‍රථම  යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී ජාතික ධජය එසවීම සහ ජාතික ගීය ගායනා කිරීම ද, කොළඹ පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උත්සවය මල්ටිමිඩියා යන්ත්‍රසහ රූපවාහිනි යන්ත්‍රඋපයෝගි කරගෙන සියලු නිලයින් වෙත නැරඹිමට අවස්ථාව උදාකරදීම ද සිදු කරන ලදි.  යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය, ඉදිරි නඩත්තු පෙදෙස (උතුර), 51 වන සේනාංක මුලස්ථානය සහ ඒ යටතේ වන සියලුම බලසේනා සහ ඒකක, 52 වන සේනාංක මුලස්ථානය සහ ඒ යටතේ වන සියලුම බලසේනා සහ ඒකක මෙන්ම 55 වන සේනාංක මුලස්ථානය සහ ඒ යටතේ වන සියලුම බලසේනා සහ ඒකක හි සමඟ සම්බන්ධතාවයෙන් යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්විම යටතේ පහත සඳහන් වැඩසටහන් සකස් කළ අතර, ඒ අනුව එහි සෙබලුන් සිය ගණනක් විසින් අච්චුවේල් ශාන්ත මරියා දේවස්ථානය, වාසවිලාන් මහවිද්‍යාලය, තෙලිප්පලෙයි පිළිකා රෝහල, මාවඩිපුරම් කෝවිල,යාපනය ශ්‍රී නාග විහාරය, කදුරුගොඩ විහාරස්ථානය, කිරමලේ කෝවිල, පිල්ලේයාර් කෝවිල, තෙලාප්පලෙයි කෝවිල, මිරිසුවිල් ග්‍රාමිය රෝහල, ආච්චුවේලි ප්‍රාදේශිය රෝහල, වැල්වැටිතුරේ ප්‍රාදේශිය රෝහල, කලෛ මහ විද්‍යාලය, කයිතඩි අද ගොළු බිහිරි පාසල හා ළමා නිවාසය, කරම්මගම කනිෂ්ඨ විද්‍යාලය, කඩෙයිකාඩු ප්‍රාථමික විද්‍යාලය, 551 බලසේනා මුලස්ථානය ඉදිරිපිට ඇති වෙරළ තිරය, ශ්‍රීලංකන් විද්‍යාලය, එල්ලන්කුලම් නාච්චියාන් කෝවිල් භුමිය හා ඒ අසළ ඇති මාර්ගය, වර්ණි ප්‍රාදේශිය රෝහල, පලෙයි රෝහල, අයියකච්චි මංසන්ධියේ සිට මුලස්ථානය 12 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුව දක්වා මාර්ගය දෙපස, මුල්ලියන් අම්මාන් කෝවිල, අයියකච්චි මිශ්‍රපාසල, මරදන්කේනි ප්‍රාදේශිය රෝහල ඇතුලු තවත් පොදු ස්ථාන කිහිපයක් පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපෘති රැසක නිරත වූහ.  එමෙන්ම, 523 බලසේනාවේ සෙබලුන් විසින් කයිතඩි අද ගොළු බිහිරි පාසලේ නේවාසිකයින් වෙත ජාතික නිදහස් දිනය වෙනුවෙන් දිවා ආහාරය ලබා දුන් අතර, ඊට ප්‍රථම එම පාසල පිරිසිදු කිරිමේ කටයුතු ද සිදු කරන ලදි. සන්ධ්‍යාවේ යාපනයේ අර්ධද්විපයේ සේවයේ නියුතු සියලුම සෙබලුන් තම අණදෙන නිලධාරීන්ගේ උපදෙස් මත විවිධ ක්‍රීඩා කටයුතු සංවිධානය කර තිබුණි. තවද, එදිනම ජාතික නිදහස් දිනය අලලා නිර්මාණය කර ඇති විඩියෝ පටයක් ද යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ වන සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන්හි ප්‍රර්ශනය කෙරිනි.