බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය සූර්ය බලශක්ති ව්‍යාපෘතිය දියත් කරයි
1st February 2016
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණය යටතේ  එම සෙබලුන් විසින් පනාගොඩ යුද හමුදා ජනපදයෙහි සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් නිරිමාණය කර එම ආරක්ෂක සේනා මූළස්ථාන ආඥාපතිතුමා විසින් බ්‍රස්පතින්දා (28) දින විවෘත කරනු ලැබීය.   මෙහිදි ජර්මන් තාක්ෂණයට අනුව පනාගොඩ යුද හමුදා කදවුරේ  සූර්ය බලශක්ති වීදි පහන් 26 ක් ඉදි කර ඇත.  බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් උත්සවාකාරයෙන් එම සූර්ය බලශක්ති වීදි පහන් දැල්වීමේ ක්‍රියාත්මක කරනු ලැබීය.  මෙම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.