විදෙස් බෞද්ධ භික්ෂූන් වහන්සේට අවැසි පහසුකම් යුද හමුදාවෙන්

28th January 2016

අනුරාධපුර, රාජාංගනය - 18 සේවා ලංකා ආයතනයේ දී පැවැත්වූ අන්තර් ජාතික ක්‍රියාකාරි බෞද්ධයන්ගේ සංසදයේ ද්විවාර්ෂික සම්මේලනයට සහභාගිවීමට මෙරටට වැඩම කර සිටින විදේශීය ස්වාමින් වහන්සේලා 20 නමක් වෙනුවෙන් අවැසි පහසුකම් සලසා දෙන ලෙස යුද හමුදාපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සාලියවැව, කලාඔය කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ දී උන් වහන්සේලා වෙත එම අවශ්‍යතාවය සපුරාදීමට යුද හමුදාව ක්‍රියා කරනු ලැබීය. කලාඔය ශ්‍රී බෝධිරාජාරාමයෙහි විහාරාධිකාරි පූජ්‍ය රන්දොඹේ පියනන්ද ස්වාමින් වහන්සේ මෙසේ කළ ඉල්ලීම ඉටු කරමින් කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඩී.සී.ජී.ජේ තිලකරත්නගේ උපදෙස් පරිදි අවශ්‍ය පහසුකම් සලසා දෙනු ලැබූ අතර, මින්මාරයේ ස්වාමින් වහන්සේලා 11 නමක් ද තායිලන්තයෙන් එක් ස්වාමින් වහන්සේ නමක් ද බංග්ලාදේශයෙන් ස්වාමින් වහන්සේලා 03 නමක් ද නේපාලයෙන් ස්වාමින් වහන්සේලා 03 නමක් සහ ඉන්දියාවෙන් දෙනමක් වශයෙන් පැමිණි මෙම ස්වාමින් වහන්සේලා ජනවාරි 25 – 28 දක්වා රැඳී සිටියහ‍. බදාදා (27) දින ශ්‍රී ලංකාවාසි ස්වාමින් වහන්සේලා 6 නමක් ප්‍ර‍මුඛ මෙම ස්වාමින් වහන්සේලා වෙත ඉහත පුහුණු පාසලෙන් හීල් දානය පිරිනැමූ අතර, ආගමික වතාවත් ද ඉටු කරනු ලැබීය. ඒ සඳහා මෙම පුහුණු පාසලේ සේනාවිධායක ප්‍ර‍මුඛ නිලධාරින් සහ පාඨමාලාලාභීන් සහභාගි වූහ. ස්වාමින් වහන්සේ විසින් යුද හමුදාවට ආශිර්වාද කළ අතර, උන් වහන්සේ වෙනුවෙන් පහසුකම් සලසාදීම පිළිබඳ යුද හමුදාපතිතුමා ප්‍ර‍මුඛ පිරිසට ප්‍ර‍ශංසා කලහ.