ජනපතිගේ ප්‍රධානත්වයෙන් ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් ව්‍යාපෘතිය දියත් කෙරේ
25th January 2016
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත දියත් කිරීම සහ උතුරු නැගෙනහිර රණවිරු පවුල්වල දරුවන් සිය දෙනෙකු සඳහා රුපියල් 50,000 ක් බැගින් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (25) දින ප.ව. 3.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත ආබාධිත රණවිරුවන් ඇතුළු විරුවන් වෙත මේ වරප්‍රසාද කාඩ්පත මගින් රාජ්‍ය හා පෞද්ගලික රෝහල් දුරකතන හා අන්තර්ජාල පහසුකම්, ලීසිං මූල්‍ය පහසුකම්, දුම්රිය සේවා පහසුකම්, දුම්රිය සේවා පහසුකම්, වෘත්තීය පුහුණු ආයතන පුහුණු පහසුකම් සපයා ගැනීමේ දී මෙන්ම පරිගණක දත්ත සමාගම්, ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ වෙළදසැල්, රාජ්‍ය ඔසුසැල්, පුද්ගලික අධ්‍යාපන ආයතනයන්හි පාඨමාලා, රූපවාහිනී සැටලයිට් නාලිකා, පොදු ප්‍රවාහන සේවාවන්, ගුවන් ගමන් බලපත්‍රමිලදී ගැනීම් ආදිය ලබා ගැනීමේ දී වට්ටම් ද ඇතුළු පහසුකම් රැසක් ලබා දී ඇත. මෙම ‘විරුසර’ කාඩ්පත මගින් ප්‍රථම අදියරේ දී මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරු පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ලකෂ තුනක පමණ පිරිසකට එම ප්‍රතිලාභ හිමිවන අතර, උතුරු නැගෙනහිර පළාත්හි යුද්ධයෙන් පීඩාවට පත් සිංහල, දෙමල සහ මුස්ලිම් පාසල් ළමුන්ගේ පවුල් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ද සිදු කෙරේ. රණවිරු පවුල්වල දූදරුවන් ද ඒ අතර වේ. අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මෙම අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු අමාත්‍යවරුන් රැසක් ද සහභාගිවීමට නියමිතය.