CIMA ආයතනයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂක යුද හමුදාපතිතුමා හමුවේ
21st January 2016
කළමණාකරණ ගණකාධිකාරි ආයතනයේ (සිමා) අග්නිදිග ආසියානු සහ ඕස්ට්‍රේලියානු කලාප අධ්‍යක්ෂ අයිරින් ටෙන්ග් මහත්මිය බදාදා (20) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය. එම අවස්ථාවේ දී අයිරින් ටෙන්ග් මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ සිමා ආයතනයේ විනිමය සහ කලාපය තුල පවතින සබඳතා ක්‍රියාවලිය එම ආයතනයේ විනිමය පිළිබඳව අදහස් දක්වනු ලැබීය. එම හමුවෙන් පසුව දෙපිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. මෙම අවස්ථාව සඳහා මුල්‍ය කළමණාකරණ අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් ආර්.වී උඩවත්ත, අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා සහ අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජිත් පෙරේරා සහභාගි වූහ.