පස්වන ඉන්දු - ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සැසිය නව දිල්ලියේ දී ආරම්භ විය
21st January 2016
ඉන්දු - ශ්‍රී ලංකා රටවල් දෙක අතර පවත්නා ආරක්ෂක සහයෝගීතාවය වැඩි දියුණු කිරීමේ අදිටනින්  පස්වන වරටත් සංවිධානය කරනු ලැබූ  ඉන්දු - ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික නිලධාරි සාකච්ඡාව බදාදා (20) දින නව දිල්ලි නුවර දී ආරම්භ විය. මෙම සාකච්ඡාව සිකුරාදා (22) වන දින දක්වා පැවැත්වීමට නියමිතය. එම ඉන්දු - ශ්‍රී ලංකා හමුදා මාණ්ඩලික සාකච්ඡාව සඳහා යුද හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් මේජර් ජෙනරාල් එන්.යූ.එම්.එම්.ඩබ්ලිව් සේනානායක ඇතුලු පිරිස අඟහරුවාදා (19) දින දිවයිනෙන් පිටත් විය. ඒ සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එන්.ජේ වල්ගම, ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.ඩී.බී රාජගුරු, අධ්‍යක්ෂ පුහුණු බ්‍රිගේඩියර් කේ.පී.ඒ ජයසේකර, නිළධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා, යුද හමුදා මුලස්ථාන නියෝජ්‍ය හමුදා ලේකම් බ්‍රිගේඩියර් එස්.එස් වඩුගේ සහ යුද හමුද මුලස්ථාන කර්නල් හමුදා ලේකම් කර්නල් එස්.ඒ කුලතුංග සහභාගි වූහ. මෙම සාකච්ඡාව සඳහා ඉන්දියාව වෙනුවෙන් අධ්‍යක්ෂ ජෙනරාල් හමුදා පුහුණු ලුතිතන් ජෙනරාල් ඒ.එල් චවාන් සහ හමුදා ලෙකම් ලුතිතන් ජෙනරාල්  අමර්ජීත් සිං සහභාගි විය.