සරඹ උපදේශකයින්ගේ විසිරයාමේ පෙළපාලිය වර්ණවත් අයුරින්
16th January 2016
යුද හමුදාපතිගේ මගපෙන්විම මත අම්පාර සටන් පුහුණු පාසලේ පැවති සරඹ උපදේශක පාඨමාලා අංක 109 විසිර යාමේ පෙළපාලිය බ්‍රස්පතින්දා (14) දින වර්ණවත් අයුරින් පැවැත් වූ අතර, සටන් පුහුණු පාසලේ රාත්‍රියේ විසිරයාමේ පෙළපාලියක් පැවැත් වූ ප්‍රථම අවස්ථාව මෙය වේ. සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ඒ.එස්.කේ. මුහන්දිරම්ගේ උපදෙස් අනුව පැවැත් වූ මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වූහ. කාන්තා සරඹ උපදේශකයින් 03 දෙනෙකු ඇතුලත් 96 දෙනෙකුගෙන් සමන්විත මෙම සරඹ උපදේශක පාඨමාලාව 2015 ඔක්තොම්බර් මස 05 වන දින ආරම්භ කරන ලදි. මෙහිදි ඔවුනට හිමි සරඹ උපදේශක ලාංඡන බ්‍රිගේඩියර් මුහන්දිරම් විසින් පැළද වූ අතර, වර්ණවත් සරඹ සංදර්ශනයක් ද එම නවක සරඹ උපදේශකයින් විසින් ඉදිරිපත් කරන ලදි. මෙම පාඨමාලාවේ විවිධ ක්‍ෂෙත්‍රයන් ඔස්සේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූවන් වෙනුවෙන් සම්මාන පිරිනැමිම ද සිදුවිය. ඒ අනුව 8 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සැරයන් ටී.පී.කේ. කරුණාරත්න මෙම පාඨමාලාවේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර, විශිෂ්ඨතම පුද්ගලික සරඹ හා උපදේශක හැකියාවට හිමි සම්මානය 2 වන විශේෂ බලකායේ සැරයන් සී.පී.සී. ප්‍රදීප් කුමාර දිනාගන්නා ලදි. එසේම න්‍යායාත්මක දැනුම අතින් විශිෂ්ඨයාට හිමි සම්මානය 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සැරයන් ඩි.ආර්.කේ. දිසානායකට හිමිවිය.