මාතර ඇතිවූ ගින්න නිවීමට යුද හමුදාවේද සහාය
15th January 2016
2016 ජනවාරි මස 14 දින පස්වරු 1845 පැයට පමණ මාතර මහානාම පාලම ඉදිරිපිට පැරණි තංගල්ල පාරේ පිහිටි පුද්ගලික ආයතනයක් තුල විදුලි කාන්දුවීමක් හේතුවෙන් හදිසි ගින්නක් ඇතිවිය. එම ආයතනය දැල් ආම්පන්න සහ රසායන ද්‍රව්‍ය අලෙවි ආයතනයක් වන අතර, එම ආයතනය සම්පූර්ණයෙන්ම විනාශ වී යාබද වෙළදසැල් 03 කට ද ගින්න පැතිරුණි. මෙම සිද්ධිය පිළිබද දැනගත් වහාම ආරක්‍ෂක සේනා බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්‍ෂණය යටතේ 58 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ගුණවර්ධනගේ උපදෙස් මත, ගින්න නිවීම සදහා මාතර 3 (සෙව්) ගැමුණු හේවා බලඇණි කදවුරේ යුද හමුදා සාමාජිකයන් 200 දෙනෙකු ද, ගිනි නිවන හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය සහ ප්‍රදේශයේ ජනතාවගේ ද සහාය ඇතිව පස්වරු 21.46 පැයට පමණ ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට සමත්විය. ගින්න හේතුවෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් සිදුවී නොමැත.