යුද හමුදා පොලිස් කාර්ය සංග්‍ර‍හය සිංහල පිටපත යුද හමුදාපතිතුමා වෙත පිරිනැමේ

13th January 2016

ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය විසින් ක්‍රියාවට නංවනු ලබන කාර්යභාරය හා ක්‍රියා පටිපාටිය ඇතුලත් යුද හමුදා පොලිස් කාර්ය සංග්‍ර‍හයේ සිංහල පරිවර්තනය පසුගිය දා යුද හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත පිරිනමන ලදි. ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් මෙම ග්‍ර‍න්ථය යුද හමුදාපති වෙත පිරිනැමිම සිදු කෙරිනි. බ්‍රිතාන්‍ය රාජකීය යුද්ධ හමුදා පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන ආකාරයටම ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා එම කාර්ය පටිපාටිය පවත්වාගෙන යනු ලබන බැවින් එම ඉංග්‍රීසි බසින් ලියවි ඇති ග්‍ර‍න්ථය මෙලෙස සිංහල භාෂාවට පරිවර්තනය කරන ලදි. විනයාරක්ෂකාධිපති බ්‍රිගේඩියර් ඩි.කේ.ජි.ඩි. සිරිසේන, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එච්. වල්ගම සහ විශේෂ විමර්ශන ඒකකයේ කර්නල් ඒ.එල්. ඉලංගකොන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.