ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් යුද හමුදාපති හමුවේ
13th January 2016
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් රොබින් මූඩි මහත්මිය, ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සමඟ සඳුදා (11) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එහි දි යුද හමුදාපති විසින් යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ එතුමිය හමුදා ලේකම් කාර්යාලය වෙත පිළිගන්නා ලදි. මූඩි මහත්මිය විසින් නව වසරට සුබ පැතුම් ද එක් කළ අතර, දෙපාර්ශවය විසින් උතුරු හා නැගෙනහිර සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් දැනට ක්‍රියාත්මක යුද හමුදා සුබ සාධන ව්‍යාපෘති පිළිබඳව කරුණු ද සාකච්ඡා කරනු ලැබීය. එහි දී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ සිවිල් සංවිධානවල ඉල්ලීම මත යුද හමුදාව සමාජ සේවා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිතුමා කරුණු සහිතව පැහැදිලි කරනු ලැබීය. එමෙන්ම යුද හමුදාපති කාර්යාලයේ තබා ඇති විශේෂ අමුත්තන් සඳහා වන පොතේ සමරු සටහනක් තැබීමට ද ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය ක්‍රියා කළාය. මෙම හමුව දෙපාර්ෂවය අතර සිදු කෙරුණු සමරු තිළිණ හුවමාරුවෙන් පසු අවසන් කෙරිනි.