ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී (ISIS) ක්‍රියාවන් පිළිබඳව ආරක්ෂක හමුදාවන් සහ බුද්ධි අංශ පුර්ණ අවධානයෙන්

7th January 2016

(මාධ්‍ය නිවේදනය) මෑතකදී පළ වු සමහර මාධ්‍ය වාර්තා හරහා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදින් විසින් මෙරට තුල පවත්වාගෙන යනු ඇතැයි සැක කෙරෙන ඔවුන්ගේ සබඳතා ගැන පලකර තිබු මාධ්‍ය වාර්ථා පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ. මෙම සංවිධානයේ ක්‍රියාවන් සබැඳිව පැය 24 පුරාම ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බැවි වගකීමකින් යුතුව සඳහන් කරන අතර එලෙස ක්‍රියාත්මක වීම ආරක්ෂක හමුදාවන්හි සහ ජාතික බුද්ධි සේවාවන්හි පරම වගකීමක්ද වේ. සමහර පල කෙරෙන මාධ්‍ය වාර්තා සංවේදි සහ අත්‍යාවශ්‍ය බුද්ධි තොරතුරු හෙලිදරව් කරමින් කටයුතු කිරීම හේතුවෙන් සැකකටයුතු පුද්ගලයන් හදුනාගැනීමට ගන්නා උත්සහයන් අඩපණවීමටද හේතු කාරක වන අතර එවැනි උත්සහයන් නිශ්ඵල තත්වයටද පත්වීමටද ඉඩ ඇති බැව්ද මෙහිලා සඳහන් කිරිම අත්‍යාවශ්‍ය වේ. කෙසේවුවද දැනට පවතින ආරක්ෂක තත්වය පිළිබඳව කිසිම අනියත සැකයක් ඇති කර නොගත යුතුවන අතර, ආරක්ෂක හමුදාවන්ට ලැබෙන බුද්ධි තොරතුරු නිසි ලෙස විශ්ලේෂණය හා තක්සේරු කරමින් නිවැරදිව එම කරුණු තහවුරු කරගැනීම සඳහා කටයුතු කරමින් සිටිනා හෙයින් රහස්‍යභාවය සුරැකීම සඳහා මාධ්‍යයන්ට දැනට එම තොරතුරු අණාවරණය කිරීමට හැකියාවක් නොමැති බවද සඳහන් කෙරේ.