කාලතුවක්කු හමුදා සෙබලුන් නික්ම යන කර්නල් සේනාවිධායක හට ආචාර පුදකරයි

2nd January 2016

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නික්ම යන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ හට කාලතුවක්කු හමුදා සෙබලුන් විසින් සෙනසුරාදා (2) පනාගොඩ කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී ආචාර පුද කරනු ලැබීය. එහිදී මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ දේශය වෙනුවෙන් දිවි පිදූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සෙබලුන් සිහිපත් කරමින් කාලතුවක්කු හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වනු ලැබීය. කාලතුවක්කු හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩී.සී.කේ කොස්තා විසින් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ සරඹ භූමියේ දී පිළිගත් අතර,කාලතුවක්කු හමුදා සෙබලුන් හමුදා සම්ප්‍ර‍දායානුකූලව ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව එදින සියලු නිලයින් මේජර් ජෙනරාල් හතුරුසිංහ සමග දිවා භෝජන සංග්‍ර‍හයකට සහභාගීවී නික්ම යන අවස්ථාවේ එම මොහොත සිහිගන්වමින් පැළයක් ද රෝපණය කරනු ලැබීය. උත්සවය අවසානයේ දී කාලතුවක්කු හමුදා නිළධාරීන් සහ සෙසු නිළයින් විසින් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ හට සමරු තිළිනයක් ද ප්‍ර‍ධානය කරනු ලැබීය. මෙම අවස්ථාව සහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්,නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.