කිළිනොච්චියෙහි තරුණයන් සඳහා පුහුණූ වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අරඹයි
21st December 2015
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ සිටින පාසල් හැර ගිය, අධ්‍යාපනය නොලත් නුපුහුණු තරුණ පිරිස් සඳහා වෘත්තීය පුහුණු සහ රැකියා අවස්ථා ලබා ගැනීම පිළිඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කර ඇත. කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 571 බලසේනාවේ සෙබලුන් සහ 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන් විසින් එම ප්‍රදේශයේ පාසල් හැර ගිය අධ්‍යාපනය නොලත් නුපුහුණු තරුණ පිරිස් දැනුවත් කිරීමේ මෙම වැඩමුළුව සිකුරාදා (18) දින පවත්වනු ලැබීය. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණූ කිරීමේ අධිකාරියේ කූගන් මහතා විසින් ඛාණ්ඩ 16 ක් යටතේ මෙම වැඩසටහන තරුණයන් සඳහා මෙහෙයවනු ලැබීය. කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. එම ප්‍රදේශයේ තරුණයන්ගේ රැකියා අවස්ථා දියුණු කිරීමත්, තම හැකියාවන්ගෙන් ඉදිරියට යෑමත් මෙහි අරමුණ වේ.