‘පාබල මේලා’ සැණකෙළිය හික්කඩුවේදී ඇරඹේ
20th December 2015
ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘පාබල මේලා’ වෙළද ප්‍රදර්ශණය සහ සැණකෙළිය සිකුරාදා (18) දින සන්ද්‍යාවේදී මහජනතාව වෙනුවෙන් හික්කඩුව මහජන ක්‍රීඩාංගනයේදී විවෘත විය. ශ්‍රී ලංකා පාබල හමුදාවේ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සහ ආබාධිත රණවිරුවන්ගේ සුභසාධක කටයුතු වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ අරමුණින් මෙම සැණකෙළිය සංවිධානය කෙරේ. ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් සැණකෙළිය විවෘත කල අතර, ඉන් පසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් භූමියේ පිහිටි වෙළද කුටි නැරඹීමට අමතක නොකලේය. අති විශාල ජනකායක් සැණකෙළියේ ප්‍රථම දිනයේදීම පැමිණ සිටි අතර, විවිධ මාදිලියේ ගෟහ භාන්ඩ, විදුලි උපකරණ, ඇදුම් පැලදුම් හා අහාරපාන වර්ග ඇතුලත් වෙළද කුටි විශාල ප්‍රමාණයක් සැණකෙළි භූමියේ පිහිටා ඇත. ලබන අගහරුවාදා (22) දින දක්වා දින 5 ක් මෙම සැණකෙළිය පැවැත්වීමට නියමිත අතර, දින 5 ම පැවැත්වෙන රාත්‍රී සංගීත ප්‍රසංග සදහා දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් වන සකුරා, ඇරෝ ස්ටාර්, ෆ්ලෑෂ් බෑග්, සන්ෆලවර්ස් හා සනිධප මේ සදහා සහභාගී වීමට නියමිතය.