අන්තර් රෙජිමේන්තු හොකී ශූරතාව ඉංජිනේරු සේවා බලකා ක්‍රීඩකයින් හිමි කර ගනී

12th December 2015

යුද හමුදා අන්තර් රෙජිමේන්තු හොකී තරඟාවලිය රීඩ් මාවත හොකී ක්‍රීඩා පිටියේ දී සිකුරාදා (11) දින පැවැත් වූ අතර, කණ්ඩායම් 10 ක් තරඟ වැදුනු මෙම තරඟාවලියේ ජය සංකේත ප්‍රදානය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම තරඟාවලියේ ශූරතාව ඉංජිනේරු සේවා බලකා කණ්ඩායමත්, අනුශූරතාව සන්නද්ධ බුද්ධි බලකා කණ්ඩායමත් දිනා ගන්නා ලදි. ජයග්‍රාහකයින් වෙත ජය සංකේත ප්‍රදානය කළ යුද හමුදාපතිතුමා ඔවුනට සුබ පැතීමට ද අමතක නොකළේය. යුද හමුදා හොකී කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ජේ.ආර් කුලතුංග සමඟින් එම කමිටුවේ සාමාජිකයින් ද නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.